නුවරඑළියේ මහල් 4ට වැඩි ගොඩනැගිලි ඉදි කිරීම් තහනම් වෙයි ?

නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් සිදු කිරීම මින් ඉදිරියේදී තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

උස් ගොඩනැගිලි ඉදිකිරීමෙන් නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසටයි ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී ඇත්තේ.

නුවරඑළිය නගරයේ විශාල ගොඩනැගිලි ඉදිකිරීම නිසා නගරය විනාශ වී ඇතැයි පෙන්වා දී ඇති වික්‍රමසිංහ මහතා ඒ අනුව, අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ගොඩනැගිලි ඉදි කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

ආයෝජකයන්ට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නුවරඑළිය නගරයේ සම්පත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි අතර පරිසර හිතකාමී සංවර්ධනයක් එහි ඇති කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (10) පැවති නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම හා නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?