නුවරඑළියේ මහල් 4ට වැඩි ගොඩනැගිලි ඉදි කිරීම් තහනම් වෙයි ?

නුවරඑළිය නගරයේ මහල් හතරට වැඩි ඉදිකිරීම් සිදු කිරීම මින් ඉදිරියේදී තහනම් කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

උස් ගොඩනැගිලි ඉදිකිරීමෙන් නගරය අවලස්සන වී ඇතැයි පෙන්වා දී ඇති ජනාධිපතිවරයා කඩිනමින් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන ලෙසටයි ජනාධිපති ලේකම් සමන් ඒකනායකට දැනුම් දී ඇත්තේ.

නුවරඑළිය නගරයේ විශාල ගොඩනැගිලි ඉදිකිරීම නිසා නගරය විනාශ වී ඇතැයි පෙන්වා දී ඇති වික්‍රමසිංහ මහතා ඒ අනුව, අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදි කරනවා වෙනුවට නිසි සැලැස්මකට අනුව ගොඩනැගිලි ඉදි කරන ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

ආයෝජකයන්ට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට අවශ්‍ය පරිදි නුවරඑළිය නගරයේ සම්පත් විනාශ කිරීමට ඉඩදිය නොහැකි අතර පරිසර හිතකාමී සංවර්ධනයක් එහි ඇති කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.

නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (10) පැවති නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම හා නුවරඑළිය සංචාරක සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට තද වැසි - වතු නිවාස රැසක් යටවෙයි
01:03
Video thumbnail
විපක්ෂ නායක සජිත් ICRC නියෝජිත ප්‍රධානීන් හමුවෙයි
00:47
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25