අධිවේගය භාවිතයේදී පරෙස්සමෙන්

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී අනතුරු අවම වන ලෙස සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

2022 වසරේ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 1764ක් සිදුව ඇති අතර ඉන් 13ක් මාරක අනතුරු බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.වී. එස්. වීරකෝන් මහතා කියාසිටියේ.

පසුගිය වසරේ සිදු වූ අනතුරුවලින් 25ක් බරපතළ අනතුරු බව ද ඔහු සඳහන් කළා.

අනතුරුවලින් බහුතරයක් සිදුව ඇත්තේ අලුත් අවුරුදු සමයේ යි.

දිනකට අධිවේගී මාර්ගවල වාහන 90,000ක් පමණ ධාවනය වන අතර අලුත් අවුරුදු සමයේ එය 140,000ක් දක්වා වර්ධනය වන බව සඳහන්.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ අධිවේගී මාර්ග භාවිත කරන පුද්ගලයන් පළමුවෙන් වාහනයේ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව මාර්ගයට ප්‍රවිශ්ට විය යුතු බවයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන තිබේද? වාහනයේ කාර්මික දෝෂ තිබේදැයි සැලකිලිමත් විය යුතු අතර දුරකතනයෙන් කතා කරමින් විනෝද වෙමින් රිය පැදවීම රිය අනතුරු සිදුවීමට හේතුවක් විය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නිදිමත ගතියක් දැනෙන්නේ නම් ළඟම ඇති අන්තර් හුවමාරු වෙන් පිටතට යා යුතු බව ඔහු දැනුම් දෙනවා.

එමෙන්ම වේගය පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර මාර්ගයේ දර්ශනය වන සලකුණු පිළිබඳව ද අවධානය යොමු කළ යුතුයි.

ඉදිරියේ අනතුරක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීම් සිදු කරනු ලබනවා.

අද (13) හෙට (14) සහ අනිද්දා (15) විශාල වශයෙන් වාහන දක්ෂිණ අධිවේගී මාර්ගයට, ගුවන්තොටුපොළ අධිවේගී මාර්ගයට සහ මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගයට ඇතුළත් කෙරෙන බවින් අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසට වාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03