රේඩාර් පද්ධතියක් පිහිටුවීමට චීනය දෙවුන්දර තුඩුව ඉල්ලයි !

ශ්‍රී ලංකාවේ දෙවුන්දර තුඩුව ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් පිහිටුවීමට ඉඩ ලබා දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකාවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට චීනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේ යෝජනා කළ හොත් එහි අරමුණ ඉන්දියානු සාගර කලාපය තුළ ඉන්දියාවේ හැසිරීම සහ ඉන්දියානු නාවික හමුදාවේ ක්‍රියාකාරකම් පිළිබඳ නිරීක්ෂණය කිරීම බවයි ඉකොනොමික් ටයිම්ස් පුවත්පත පෙන්වා දී ඇත්තේ.

යෝජනා කිරීමට බලාපොරොත්තු වන රේඩාර් පද්ධතියේ අනෙක් අරමුණ නම් දියේගෝ ගාර්සියා දූපතේ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම බව මාධ්‍ය වාර්තා කරනවා.

රේඩාර් පද්ධතිය පිහිටු වුවහොත් අන්දමන් සහ නිකොබාර් දූපත් දක්වා නිරීක්ෂණය කිරීමේ හැකියාව එයට ලැබෙන බව සඳහන්.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මෙහෙයවීමට ඉඩ ඇති ආයතනය චීන විද්‍යා ඇකඩමියේ අභ්‍යවකාශ තොරතුරු පර්යේෂණ ආයතනය බව ඉකොනොමික් ටයිම්ස් පුවත්පත ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ චීන ක්‍රියාකාරකම් පිළිබඳව ඉන්දියාව කනස්සල්ලට පත්ව ඇති අතර ඉන්දීය අනතුරු ඇඟවීම් නොතකා ශ්‍රී ලංකා රජය චීන ඉල්ලීමට එකඟ වීමෙන් පසු චීන නිරීක්ෂණ නෞකාවක් වන යුවාන් වැන්ග් 5 හම්බන්තොට වරායට පැමිණි බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාව එම යාත්‍රාවට හම්බන්තොට නැංගුරම් දැමීමට අවසර දුන් අතර ඉන්ධන සහ සැපයුම් සැපයුම් සඳහා දින හයක් එහි රැඳී සිටි බවයි දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54