ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නැයි ඉල්ලීමක්

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ඉල්ලා අස් කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් ජාත්‍යන්තර සංවිධානය අවධාරණය කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය අවධාරණය කළේ, මෙම කෙටුම්පත මගින් මානව හිමිකම් ක්‍රමානුකූලව උල්ලංඝණය කිරීමට බලධාරීන්ට අවස්ථාව හිමි වන බවයි.

ඕනෑම ප්‍රතිත්‍රස්ත පනතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන් ආරක්ෂා කළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙනවා.

එහි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි මහත්මිය පැවසුවේ, යෝජිත ත්‍රස්ත මර්දන නීතිය සාමකාමී විවේචකයින් නිහඬ කිරීමට සහ සුළු ජාතීන් ඉලක්ක කරගත් ක්‍රියාවන්ට අවසර දීමක් බවයි.

මානව හිමිකම් තහවුරු කරන නව ත්‍රස්ත මර්දන නීති කෙටුම්පත් කරන තෙක් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ද භාවිත කිරීම සඳහා රජය පූර්ණ තහනමක් පැනවිය යුතු බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ.

ඔවුන් අවධාරණය කරන්නේ, එක්සත් ජනපදය, යුරෝපා සංගමය, ජපානය, ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් මෙම පනත් කෙටුම්පත මානව හිමිකම් තහවුරු කිරීම තෙක්වන ප්‍රතිසංස්කරණ කිරීම සඳහා බලපෑම් කළ යුතු බවයි.

මෙම තත්ත්වයන් GSP+ සහනය සඳහා ද බලපෑහැකි බව යුරෝපා සංගමය පැහැදිලි කළ යුතු බව ද හියුමන් රයිට්ස් වොච් සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට බලධාරීන්ට බලය ලැබෙන බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත රජය ඉවත් කර ගත යුතු අතර ඉදිරියේදී සම්මත කිරීමට අදහස් කරන ඕනෑම ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව උපදේශන ලබා ගනිමින් සහතික කරගත යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබෙනවා.

රජය පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කළා යැයි පවසමින් එල්ල වූ දේශීය සහ ජාත්‍යන්තර විවේචන හේතුවෙන් එම විවේචන ආමන්ත්‍රණය කරමින් ඊට වඩා හොඳ පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය පොරොන්දු වූ බවයි හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත්තේ.

පවතින පනතෙන් මතුවූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම පසෙකලා නව පනත් කෙටුම්පතෙන් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය තවත් පුළුල් කර ඇති බවත් දේපළ හානි, සොරකම හෝ මංකොල්ල කෑම වැනි අපරාධ නව පනත් කෙටුම්පතට ඇතුලත් කර ඇති බවත් සාමකාමීව රැස්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ද නව පනත් කෙටුම්පත මගින් සීමා කර ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

නව පනත් කෙටුම්පතේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ නොමැති ධනාත්මක කරුණු කීපයක් තිබෙන නමුත් නව පනත් කෙටුම්පත මගින් ජනාධිපතිවරයාට, පොලිසියට සහ හමුදාවට සාක්ෂි නොමැතිව පුද්ගලයන් රඳවා තබා ගැනීමට බලය ලබා දෙන විධිවිධාන ඇතුලත් වන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01