අසත්‍ය පුවතක් ගැන තෙල් සංස්ථාවෙන් දැනුම් දීමක්

සති අන්ත පුවත් පතක පළ වූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

“තෙල් සංස්ථාව ලාභයි – බෝනසුත් දෙයි” යන සිරස්තලයෙන් පළ කර ඇති ප්‍රවෘත්ති වාර්තාව අසත්‍ය කරුණු මත පදනම්ව නිර්මාණය කර ඇති මහජනතාව නොමග යවන අසත්‍ය පුවතක් බවයි සංස්ථාව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සාමාන්‍යයෙන් සිංහළ දෙමළ අලුත් අවුරුදු සමරන අප්‍රේල් මාසයට බෝනස් සහ උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබා දුන්න ද මෙම වසරේ කිසිවෙකුට බෝනස් ලබා දී නොමැති බව එහි සඳහන්.

ලිඛිතව ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබා නොගත් සේවකයන්ට පමණක් මාස 10 තුලදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කර ගන්නා ගිවිසුම මත රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී තිබෙනවා.

එබැවින් මෙවැනි මහජනතාව නොමග ්‍යවන අසත්‍ය ප්‍රවෘත්ති පළ කර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් රටේ වැරදි මතයක් සමාජ ගත කිරීම පිළිකුලෙන් හෙළා දකින අතර අදාළ පුවත නිවැරදි කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම නිවැරදි කිරීමට ද සාධාරණ ඉඩක් වෙන් කරන ලෙසටයි අදාළ සති අග පුවත්පත් කතෘවරයාගෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇත්තේ.

මෙවැනි අසත්‍ය තොරතුරු පිළිකුලෙන් බැහැර කරන ලෙසට සමස්ත මහජනතාවට ආරාධනා කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

Letter scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29