20 හැවිරිදි දියණිය ඝාතනය කර සිරුර ගඟකට දැමූ පියෙකු අත්අඩංගුවට

විසි හැවිරිදි දියණියගේ ගෙළ සිරකර ඝාතනය කිරීමෙන් අනතුරුව ඇයගේ සිරුර ගඟකට දැමූ පියෙකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්වූ තරුණිය ගැබිණියක්ව සිට ඇති බවයි පසුව සිදුකළ මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

කාජල් නැමති අදාළ තරුණිය දින කිහිපයක සිට අතරුදන්ව සිට ඇති බවත්, පසුව ඇයගේ සිරුර පසුගිය 02 වනදා ගඟක පාවෙමින් තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම තරුණිය ගමේ තරුණයකු සමඟ අනියම් ඇසුරක් පවත්වන බවත්, කවුරුන් හෝ ඇගේ පියා වන නවුෂාඩ්ට දැනුම් දී තිබෙනවා.

එම ආරංචියෙන් කෝපයට හා කළබලයට පත් වූ ඇයගේ පියා කාජල් ඝාතනය කර ඇති බවයි විමර්ශනයෙන් හෙළිව ඇත්තේ.

පසුව ඔහු දියණියගේ මළ සිරුර ගෝනියක අසුරා චෝටි ගන්දක් ගඟට විසිකළ බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම පුද්ගලයා පසුව තම දියණිය අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිල්ලක් ද සිදුකර ඇය සෙවීමේ විමර්ශන සඳහා ද සහභාගී වී ඇති අතර, පොලිසිය විසින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සිදුකළ අපරාධය පාපොච්චාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41