ධාවනය වෙමින් තිබූ බසයේ රෝදය ගැලවී වීසිවෙලා..

බදුල්ල සිට බුදුක්කන්ද දක්වා පෙරේදා (4) සවස ධාවනය වෙමින් තිබු ශ්‍රී ලංගම බදුල්ල ඩිපෝවට අයත් බසයක ඉදිරී රෝදයක් ගැලවී ඉවතට විසිවී ඇති අතර බය පෙරළීමට ලක් නොවන සේ පාලනය කර ගැනීමට රියැදුරා සමත්ව තිබේ.

රියැදුරාගේ මේ ආරක්ෂක පියවර නිසා මෙම බසයේ ගමන් ගත් 40 ක් පමණ වූ මගීන්ට කිසිම අනතුරක් සිදුනොවීමද විශේෂත්වයකි. බදුල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙන් සවස 6.00 ට පමණ පිටත් වූ මෙම බස්රථය 6.20 ට පමණ සොරණාතොට මංසන්ධිය ප්‍රදේශයෙන් ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.

බදුල්ල, බුදුගේස්කන්ද මාර්ගය කඳු හා බෑවුම් සහිත මාර්ගයකි. මෙවන් බස්රථ නිසි පරික්ෂාවකින් තොරව ධාවනයේ යෙදවීම නිසා මේ මගේ ජීවිතවලට දැඩි අවදානමක් ඇති වී තිබෙන බව මගීහු කියති.

බදුල්ල සිට මඩොල්සිම හරහා මැටිගහතැන්න දක්වා ධාවනය වෙමින් තිබූ බදුල්ල ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බරථයක් පසුගිය වසරේ ජනවාරි 9 වැනිදා මාළිගාතැනේදී මහා ප්‍රපාතයකට පෙරළී මගීන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර එම අනතුරට හේතුවද කාර්මික දෝෂයක් බව ඒ පිළිබඳව කරන ලද පරික්ෂණයේදී අනාවරණය විය.

මෙම බස්රථය සඳහා විකල්ප බස් රථයක් ලබාදීමට ලංගම බලධාරිහු තවමත් අසමත් වී ඇති බව මිට්ටිගහතැන්න ගම්වැසියෝ පවසති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34