AFC Banner
Empty Ad
Empty Ad

අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සුඛෝපභෝගී මෝටර් රථයක් පෙරලී යයි(ඡායාරූප)

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද අලුයම අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පෙරලි අනතුරට ලක්වුණා.

රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිව මේ අනතුර සිදුව ඇති බවයි කොල්ලුපිටිය පොලිසිය පවසන්නේ.

ගාලු පාරේ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පාර මැද පිහිටි දූපත කොටසේ වැදීමෙන් එය පෙරලී ගොස් තිබුණා.

රිය පැදවූ පුද්ගලයාට අමතරව කාන්තාවක් ද මෙහි ගමන් කර ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

අනතුරට පත් රථයේ අංක තහඩු ගලවා තිබූ අයුරුත් දක්නට ලැබුණා.

ඒ සම්බන්දයෙන් දසත කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරගෙන් විමිසිමක් කළ අතර ඔහු පැවසුවේ එහි අංක තහඩු ගලවා නොමැති බවයි.

නමුත් අපගේ නිරීක්ෂණය හා අනතුර සිදුවූ ස්ථානයට ගිය අප වාර්තාකරුවන්ගේ තහවුරු කිරීම අනුව අංක තහඩු නොමැති බව තහවුරු වෙනවා.

රියතුළ සිටියේ කවුරුන්ද යන්නත් අප විමසු අතර එහිදී ඒ පිළිබදව ස්ථිර තහවුරු කිරීමක් කළ නොහැකි බව ස්ථානාධිපතිවරයා පැවසුවා.

රියදුරු බීමතින් සිටි බව හා ඔහු අත්අඩංගුවට ගත් බව ඔහු තහවුරු කළා.

WhatsApp Image 2023 04 07 at 09.18.26 6 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 5
WhatsApp Image 2023 04 07 at 09.18.26 6 2
WhatsApp Image 2023 04 07 at 09.18.26 4 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 3 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 2 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 7
WhatsApp Image 2023 04 07 at 09.18.25 1 1
WhatsApp Image 2023 04 07 at 09.18.26 3 2
WhatsApp Image 2023 04 07 at 09.18.25 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?