රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නව සාමාජිකයන්

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා හත් දෙනෙකුගෙන් යුත් සාමාජිකයන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කළ නිර්දේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අනුමත කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි සනත් ජයන්ත එදිරිවීර මහතා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ලෙස සිත්ති මරීනා මොහොමඩ්, නරසිංහ හේරත් මුදියන්සේලාගේ චිත්‍රානන්ද, මහාචාර්ය නාගනාදන් සෙල්වක්කුමාරන්, මානික්කා බඩතුරුගේ රෝහණ පුෂ්පකුමාර, ආචාර්ය අංගම්පොඩි දමිතා නන්දනී ද සොයිසා, රංජිනී නඩරාජපිල්ලෙයි, චන්ද්‍රරත්න පල්ලේගම යන මහත්ම මහත්මීන් පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?