වස්කඩුව ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි එංගලන්ත ජාතික යුවළකට අයත් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනාකමින් යුත් විදේශ මුදල් ඇතුළු වටිනා දේපළ බහා තිබූ සේප්පුවක් ඊයේ (5) රාත්‍රී සොරාගෙන තිබෙනවා.
කළුතර උතුර පොලිසියට ලැබී ඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ සොරකම් කළ දේපළ අතර රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා පවුම් තොගයක්, අත් පළඳනාවක්, මුදු, ඔරලෝසුවක් ඇතුළු තවත් භාණ්ඩ වන බවයි.
සති දෙකකට පමණ ඉහත දී මෙරට සංචාරයට පැමිණ එංගලන්ත ජාතික යුවළ එම හෝටලයේ නවාතැන් ගෙන තිබූ අතර ඊයේ රාත්‍රී ඔවුන් තම කාමරය පෙනෙන දුරින් ආහාර ගනිමින් සිටියදී කිසියම් පුද්ගලයෙකු කාමරයට සූක්ෂම ලෙස ඇතුළු වී වටිනා බඩුබාහිරාදිය දැමීමට හෝටලයෙන් ලබාදුන් සේප්පුවක් බඳු ලොකරය රැගෙන ගොස් තිබූ බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ ආරක්ෂක නිලධාරියාගෙන් ද ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.
සොරකම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇති අතර ඉතා ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇති බවටයි පොලිසිය විශ්වාසය පළ කරන්නේ.
කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.














OKATA HOTEL EKA ATHULEN MA SUPPORT EKAK NATHUWA KARANNA BAHE. OKE ROOM SERVICE INNA AYA, BED SHEET MARU KARANA, TOILET CLEAN KARANA, ATHUGANA PIHIDANA AYA, KEMA BEEMA SUPPLY KARANA AYA, ELECTRICIAN LA THAMAYI OKATA SEKA.