වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා දිවෙන බස් රථයේ ඩිකියේ වාඩි වි ඊයේ(04) සවස තරුණයින් තිදෙනෙකු ගමන්ගන්නා ආකාරය දැක්වෙන ජායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
වවුනියාවට ඊයේ සවස දැඩි වර්ෂාපතනයක් ලැබී තිබූ අතර, ඒ මොහොතේ වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා දිවෙන බස් රථයක පාපුරුවේ ගිය තිදෙනෙකු වැස්සෙන් බේරීමට මෙලෙස ඩිකියේ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
වවුනියාව සිට සෙට්ටිකුලම දක්වා දිවෙන ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික අවසන් බස් රථය තුළ මගීන් විශාල පිරිසක් සාමාන්‍යයෙන් ගමන් කරනවා.
ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් දිනපතා පා පුවරුවේ අනාරක්ෂිත ගමනක නිරතවනවා.
මගින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගයට අමතර බස් රථයක් හෝ දෙකක් ධාවනයට එක් කරන ලෙසටයි.



