AFC Banner
Empty Ad
Empty Ad

හෙද හෙදියන් වයස 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් තහනම් නියෝගයක්

අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව හෙද හෙදියන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හෙද හෙදියන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ඉකුත්දා ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි.

තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවයේ නිරත වීමට හැකියාව පවතින බවත් එම පෙත්සම් වලින් ඔවුන් පෙන්වා දී තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත් කළා.

මෙම තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන්.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, නීතිපති ඇතුළු 24 දෙනෙකු නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?