හරක් කටා සහ කුඩු සලිදුගේ රිට් පෙත්සම් සත්‍ය කරුණු වසන් කරලා – නීතිපති

මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් පානදුරේ කුඩු සලිදුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම් සත්‍ය කරුණු වසන් කරමින් ගොනුකර ඇති බැවින් ඒවා විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළා.

අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී අදාළ පෙත්සම් සදහා විරෝධතා ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මේ බව අධිකරණයට දැනුම් දුන්නා.

මෙම සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ගොනු කළ නඩු කටයුත්තක් ඉකුත් මාර්තු මස 29 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ බවත් එහිදී මහෙස්ත්‍රාත් වරයා විසින් නියෝගයන් කිහිපයක් නිකුත් කර ඇති බව ද නීතිපතිවරයා ඉදිරිපත් කළ විරෝධතා වල සඳහන් වෙනවා.

සත්‍ය කරුණු වලින් තොරව හුදෙක් උපකල්පන මත පමණක් පදනම්ව මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවටයි නීතිපතිවරයා චෝදනා කළේ.

මෙම පෙත්සම් වලින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන මහේස්ත්‍රාත් අධිකරණය මගින් දැනටමත් ලබාදී ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් මතු නොවන බවත් එම විරෝධතා වල සඳහන් කර තිබෙනවා.

එම කරුණු සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව මෙම විරෝධතා වලට අදාල ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා අප්‍රේල් මස 22 දාට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළා.

පෙත්සම ජූනි මස 7 වන දා යළි සලකා බැලීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56