ගලෙන්බිඳුණුවැව කොකාවැව අලුත් දිවුල්වැව ඉස්මත්තේ ගවයන් බලා ගනිමින් සිටි පුද්ගලයෙකුට සහ ධීවර රැකියාවේ නිරතව සිටි පුද්ගලයෙකුට වන අලි ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
මෙම ප්රහාරයෙන් ගවයන් බලා ගත් පුද්ගලයා මියගිය අතර ධීවරයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමට ගිය ගලෙන්බිදුනුවැව පොලිසියේ නිලධාරීන් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් හටගත් බව අප වාර්තාකරු පැවසුවා.
ඔවුන් පැවසුවේ අලියා ප්රදේශයෙන් පලවා හරින තෙක් මෘත ශරීරය රැගෙන යාමට තමන් ඉඩ නොදෙන බවයි.
පසුගිය දින හතක් ඇතුළත ගලෙන්බිදුණුවැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ වන අලි පහරදීම් හතරක් සිදුව ඇති අතර එම ප්රහාරවලින් වනජීවී නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබුවා.



