AFC Banner
Empty Ad
Empty Ad

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිලේ ක්ෂණික ඉහළ යෑමක්

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල එකවිටම ඉහළ ගොස් තිබෙනවා.

මීට හේතුවී තිබෙන්නේ ලෝකයේ විශාලතම ඉන්ධන අපනයනකරුවන් කිහිප දෙනෙකු සිය නිෂ්පාදන කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීමයි.

සෞදි අරාබිය, ඉරාකය සහ ගල්ෆ් රාජ්‍යයන් කිහිපයක් දිනකට තෙල් බැරල් මිලියනයකට වඩා අඩු කරන බව ඉරිදා ප්‍රකාශ කිරීමෙන් පසු බ්‍රෙන්ට් බොරතෙල් මිල ඉහළ ගියා.

දැන් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 85 කට ආසන්න වන අතර එහි මිල ඉහළයෑම 6% ක්.

මීට අමතරව රුසියාව දිනකට සිදුකරන බැරල් මිලියන භාගයක නිෂ්පාදන කප්පාදුව වසර අවසානය දක්වා දීර්ඝ කිරීමට තීරණය කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?