ගෙන්වීම තහනම් කෘෂි රසායනික ද්‍රව්‍ය සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කරන ලද කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවුලපිටිය පොලිසිය කළ වැටලීමකදී පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය නොමැතිව මෙරටට ගෙන්වීම තහනම් කරන ලද මෙම කෘෂි රසායනික තොගය ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැණුනේ.

වැල්ලවාය සහ දියතලාව ප්‍රදේශවල පදිංචි මෙම පුද්ගලයන් දෙදෙනා අවුරුදු 40 සහ 45 වයස්වල පසුවනවා.

විවිධ බරින් යුත් කෘෂි රසායනික ද්‍රව්‍ය පැකට් 1950ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් 1,672,500ක් පමණ වන බව සඳහන්.

සැකකරුවන් අද මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දිවුලපිටිය පොලිසිය විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39