බදුල්ලේ කැබ් අනතුරින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු රෝහලින් පළා යයි

බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරගයක් අතර සිදු වූ කැබ් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගොස් තිබෙනවා.

ඌව මහා විද්‍යාලය සහ ධර්මදුත මහ විදුහල අතර ක්‍රිකට් තරගයට පෙර පැවති වාහන පෙළපාලියකදීයි කැබ් රථයක් පෙරලී ගොස් තිබුණේ.

එහිදී සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධියෙන් මියගියේ බදුල්ල ධර්මදුත විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හාලිඇල සහ හෑගොඩ පදිංචි 18 හැවිරිදි සිසුන් දෙදෙනෙක්.

තුවාල ලැබූ පිරිස බදුල්ල මහ රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි සිටියදී මෙලෙස සිසුන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගණය අසළ තිබෙන මල්වත්ත ක්‍රීඩාංගණය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් පසු තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කරන විටත් සිසුන් දෙදෙනෙකු මියගොස් සිටි අතර තවත් සිසුන් 6 දෙනෙකු තුවලා ලබා සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

බදුල්ල පොලිසියේ රථ වාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24