බදුල්ල ප්‍රදේශයේ පාසල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරගයක් අතර සිදු වූ කැබ් රථ අනතුරින් තුවාල ලබා රෝහල් ගත කළ දෙදෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී පළා ගොස් තිබෙනවා.
ඌව මහා විද්‍යාලය සහ ධර්මදුත මහ විදුහල අතර ක්‍රිකට් තරගයට පෙර පැවති වාහන පෙළපාලියකදීයි කැබ් රථයක් පෙරලී ගොස් තිබුණේ.
එහිදී සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 7 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
සිද්ධියෙන් මියගියේ බදුල්ල ධර්මදුත විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ හාලිඇල සහ හෑගොඩ පදිංචි 18 හැවිරිදි සිසුන් දෙදෙනෙක්.
තුවාල ලැබූ පිරිස බදුල්ල මහ රෝහලට ඇතුලත් කෙරුණු අතර එහි සිටියදී මෙලෙස සිසුන් දෙදෙනෙකු පළා ගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.
ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගණය අසළ තිබෙන මල්වත්ත ක්‍රීඩාංගණය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් පසු තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කරන විටත් සිසුන් දෙදෙනෙකු මියගොස් සිටි අතර තවත් සිසුන් 6 දෙනෙකු තුවලා ලබා සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
බදුල්ල පොලිසියේ රථ වාහන අංශය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.



