ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසය තුළ මැති සබයට

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම මාසය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

සියලු දේශපාලන පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ.

යෝජිත පනත් කෙටුම්පත මගින් බොහෝ විවාදයට ලක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඵලදායී ලෙස අහෝසි කරනු ඇති.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර කිහිපයක සිට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මතභේදයට තුඩු දුන් කරුණක් වූ අතර යහපාලන රජය සමයේදී එය අහෝසි කිරීමට ද පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත් එය ක්‍රියාත්මක නොවූ අතර ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ඉදිරිපත් කිරීමටයි වත්මන් රජය පියවර ගෙන ඇත්තේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 වසරේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ ඇති වූ ගැටුමේදී තාවකාලික පියවරක් ලෙස ක්‍රියාත්මක වූ අතර පසුව 1982 වසරේ දී එය ස්ථිර කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24