සංගීත් නිපුන් සනත් නන්දසිරි දැයට සමුදෙයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙයක් සිදු කළ ප්‍රවීණ සංගීතඥ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා.

අද පෙරවරු 8.30වන තෙක් ඇඹුල්දෙණිය පළමු පටුමගේ එතුමන්ගේ නිවසේ තැන්පත් කර තැබූ දේහය පෙරවරු 10ට සෞන්දර්ය විශ්ව විද්‍යාලයට රැගෙන ආවා.

දහවල් 12.30 සිට සවස 3 දක්වා දේහය තැන්පත් කර තැබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේයි.

අනතුරුව බොරැල්ල කනත්ත පොදු සුසාන භූමිය දක්වා රැගෙන එනු ලැබූ දේහය පිළිබඳ අවසන් කටයුතු පස්වරුවේ සිදු කෙරුණා.

එම අවස්ථාවට ගායක ගායිකාවන්, කලාකරුවන්, මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

කලක් රෝගාතුරව සිටි 81 වැනි වියේ පසු වූ සනත් නන්දසිරි මහතා පසුගිය අඟහරුවාදා අභාවප්‍රාප්ත වුණේ තම නිවසේදී.

සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තුන්වැනි කුලපතිවරයා ලෙස කටයුතු කළා.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීත ක්ෂේත්‍රයට ඔහු කළ විශිෂ්ට දායකත්වයට උපහාරයක් වශයෙන් ගෞරව මහාචාර්ය පදවියකින් ද ඔහු පිදුම් ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52