බූරු මූණාට ආධාර අනුබල දුන් හිමිවරු දෙදෙනා ඇතුළු හත්දෙනා තවදුරටත් රිමාන්ඩ්

කටුනායක, ගුවන්තොටුපොළ පොලිස් අත්අඩංගුවේ සිටියදී ‘බූරු මූණා’ නැමැති පාතාල සාමාජිකයාට පලායෑමට ආධාර අනුබලදීම, කුමන්ත්‍රණය කිරීම, පලායාමට ප්‍රවාහන පහසුකම් සැපයීම සහ රැකවරණය ලබාදී සඟවා තබා ගැනීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන හිමිවරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 07 දෙනාව ලබන 04 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ තබන ලෙස අධිකරණය අද (31) නියෝග කළා.

මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් සියන් තිසේරා විසින් මෙම නොයෝගය නිකුත් කළ අතර, කටුනායක පොලීසියෙන් නඩු මෙහෙයුම් අංශයේ පොලිස් පරීක්ෂක ජිනප්‍රිය මුදන්නායක පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.

නීතීඥ දන්ත නිරංජන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා.

හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඇතුළු ඝාතන 09ක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි වර්ණ රංගන හෙවත් ‘බූරු මූණා’ නැමැති පාතාල වෙඩික්කරු කටුනායක ගුවන් තොටුපොළින් විදේශ ගතවීමට සූදානම් වූ අවස්ථාවේ ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව ඔහු ගුවන්තොටුපොළ පොලීසිය වෙත භාරදී තිබුනු අතර, පසුගිය පෙබරවාරි මස 24 වෙනිදා රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරු 25 වනදා අලුයම ගුවන්තොටුපල පොලිසියෙන් පළාගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23