නවසීලන්තයට පහසු ඉලක්කයක්

ශ්‍රී ලංකා – නවසීලන්ත තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිළ පන්දුවාර 41යි පන්දු 03ක් තුළ සියල්ලන් දැවී ලකුණු 157 කට සීමා වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩි දායකත්වය ලබාදුන් ආරම්භක පිතිකරු පැතුම් ලකුණු 57ක් රැස්කළ අතර, නායක දසුන් ශානක ලකුණු 31ක් සහ චාමික කරුණාරත්න ලකුණු 24ක් රැස් කළා.

අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 15 සීමාවේ පසුකර යෑමට නවසිලන්ත වේග පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 03ක් සහ ඩැරල් මිචෙල් අඩුලු 03ක් බිඳ දැමුවා.

ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් නවසීලන්තය හිමිව ඇති ඉලක්කය 158ක්.