AFC Banner
AFC Banner
Empty Ad

ගොවීන් 3000කට රජයේ ප්‍රතිලාභ නොදුන් රඹේ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මෙම නිලධාරියා, රජය මගින් ගොවිජනතාවට නොමිලයේ ලබා දෙන සහනාධාර කිසිවක් ලබා දීමට කටයුතු නොකර ඇති බවටයි විමර්ශනයකදී අනාවරණය වී තිබෙන්නේ.

එම සංවර්ධන නිලධාරියාට එරෙහිව විනය පියවර ද ගන්නා ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා.

රඹේ බල ප්‍රදේශයේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය විසින් ලබා දුන් රුපියල් 10,000 හා 20,000 දීමනාව අහිමි කිරීම,. රජය නොමිලයේ නිකුත් කළ මඩ පොහොර හා චීන ඉන්ධන සහනාධාරය ලබා නොදීම ඔහුට එරෙහිව ඇති චෝදනායි.

මෙවැනි චෝදනා රැසක් ඒල්ල වූ තවත් සංවර්ධන නිලධාරින් හා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් පිළිබදව සිදුකරණ විමර්ශන කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?