මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවක(ඡායාරූප)

සිය අතුරුදන්වූ ඥාතීන් වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන් ඊයේ මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වුණා.

අප වාර්තාකරු පැවසුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගෙන් බහුතරයකගේ ඥාතීන් මෙම විරෝධතාවට එක්ව සිටි බවයි.

තම ඥාතීන්ට මරණ සහතික හෝ ඔවුන් වෙනුවෙන් වන්දි අවැසි නොවන බව පැවසූ විරෝධතාකරුවන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඔස්සේ පමණක් තමන්ට සාධාරණය ඉටුවනු ඇති බවට විශ්වාසය පළකලා.

MU PRO 02 1 2
MU PRO 01 2