පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 05කට සවස වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර ,මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (31) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හා ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මඟින් ආරක්ෂාවන ලෙසට ද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙනවා.