ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු නැංවීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයෝගය

මෙරට ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානවල පවතින තත්ත්වය නංවාලීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) සහයෝගය පළ කර තිබෙනවා.

දැනට ශ්‍රී ලංකාව තුළ ආර්ථික මධ්‍යස්ථාන 18ක් ඇති අතර, පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව අතර පවතින දුරස්ථ සබඳතාවය හේතුවෙන් එම මධ්‍යස්ථානවලින් නිසි ප්‍රයෝජන නොලැබී ඇති බවයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය පවසන්නේ.

විශේෂයෙන් අවම පහසුකම් සහිත වීම නිසා මෙම ආර්ථික මධ්‍යස්ථානවල දී හානියට පත්වන පළතුරු හා එළවළු ප්‍රමාණය ඉහළ මට්ටමක පවතිනවා.

එම සංවිධානය විසින් කරන අනාවරණයකට අනුව මෙරට පළතුරු අපතේ යාම නිසා වාර්ෂිකව සිදුවන ආර්ථික හානිය ඇමරිකන් ඩොලර් මිලියන 90ක්.

එමෙන්ම එළවළු අපතේ යාම නිසා සිදුවන ආර්ථික හානියෙහි වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 110ක් බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසන්නේ.

මෙරට ආර්ථික මධ්‍යස්ථාන නවීකරණය සඳහා වන සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති අතර දැනට ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල පාරිභොගිකයින් හා ගොවි ජනතාව තෘප්තිවන අයුරින් සේවාවන් සැපයීම දක්වා ප්‍රවර්ධනය විය යුතු බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියාසිටියේ.

ආර්ථික මධ්‍යස්ථානවලින් සිදුවන සේවාවන් පුළුල් කිරීම සඳහා දැනට සිදු කෙරෙන ව්‍යාපෘති වාර්තාව මාස දෙකක් තුළ තමන්ට ලබා දෙන ලෙස ද ඔහු දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම කටයුතු සඳහා තම සංවිධානයේ උපරිම සහයෝගය පළ කරන බවයි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh මහත්මිය ප්‍රකාශ කළේ.‍

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ යන මහත්වරු මෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නිත්‍ය නියෝජිත Ms. Simrin Singh ප්‍රධාන තාක්ෂණ උපදේශක Dr. Thomas Kring යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53