තරුණියගේ හිස කොහේද?

උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනය වූ බවට සැකකෙරෙන අදාළ කාන්තාව නිවසින් පැමිණීමේදී ගෙන ආ බෑගය පිළිබඳවද මේ වනවිට පොලිසිය විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. එම බෑගය ද මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර

මෙම යුවල නවාතැන්ගෙන සිටි නවාතැන්පොළ හංවැල්ල – කොළඹ මාර්ගයේ කැලණි ගඟ ආසන්න ප්‍රදේශයක පිහිටා ඇති බැවින් යම් හෙකින් ඝාතකයා විසින් කාන්තාවගේ හිස ඇයගේ බෑගයේ දමා කැලණි ගඟට විසිකරන්නට ඇත්දැයි පොලිසිය සැක කරයි. මේ පිළිබඳව විශේෂ සෝදිසි කිරීමේ මෙහෙයුමක් අද (04) සවස 3.00ට ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව කැලණි ගඟ මුහුදට සම්බන්ධ වන මෝදර ප්‍රදේශයේ සිට හංවැල්ල දක්වා අදාළ සෝදිසි කිරීම් සිදුකෙරෙනු ඇත.

ඝාතනයට ලක් වූ තරුණියගේ හිස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන් නිශ්චිත ලෙසම අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය සාම්පල ඇයගේ සිරුරෙන් සහ ඥාතීන්ගෙන් ලබාගැනීමට ඊයේ තීරණය කළ අතර අද දිනයේ ඊට අදාළ සාම්පල ලබාගෙන තිබුණ. මෙම DNA පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමේ හැකියාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ.

මේ හා සබැදි පෙර පුවත් – ගමන් බෑගයක තිබී හමුවූ මළ සිරුර ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුරක් බෑගයේ දමාගෙන ආ සැකකරු (VIDEO)

එස්.අයි කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

වේල්ලවීදියේ මරා දැමු තරුණියගේ සොහොයුරා කිවු දුක හිතෙන කතාව

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අනියුක්ත කරගැනීම නීති විරෝධියි
03:38
Video thumbnail
රැකියා ඉල්ලා උපාධිධාරීන් ඉසුරුපාය වටලයි
03:59
Video thumbnail
තමන් ගැන නලින්ද කියපු කතාවට ගම්මන්පිල රිදෙන්නම දෙයි
04:10
Video thumbnail
ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ඒකාබද්ධ විපක්ෂය රැස්වෙයි
03:42
Video thumbnail
පොලු උස්සගෙන මිනිස්සුන්ට ග#හන්න යන රෝහලේ සිකුරිටි
01:06
Video thumbnail
තරහ රාශියෙන් හෙමිහිට යාළු රාශියට පැමිණෙන අලි -ටෙලිෆොන් මංගල්ලේ මේන් බලල්ලා
39:24
Video thumbnail
වැඩ තහනම් වූ පාර්ලිමේන්තුවේ නි.මහලේකම්ගෙන් පැමිණිල්ලක්
02:45
Video thumbnail
ගම්මන්පිලගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
12:19
Video thumbnail
පාසල් සංවර්ධන නිලධාරීන් දැවැන්ත උද්ඝෝෂණයක
04:47
Video thumbnail
ත්‍රිකුණාමල බුදු පිළිම සිද්ධිය නිසා බන්ධනාගාර ඉදිරිපිට උණුසුම් වෙයි
01:56


?