ගෝඨා ගෝ ගමට පහරදුන් සිද්ධියේ දේශබන්දුට එරෙහි පෙත්සමක් අධිකරණය නිෂ්ප්‍රභ කෙරේ

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (27) නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමිනුයි අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත්තේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සඳහන් කළේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, ප්‍රකාශ සටහන් කරගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා විමර්ශනයකින් සතු අභිමතානුසාරී බලයක් බවයි.

අභිමතානුසාරී බලයක් ක්‍රියාත්මක කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

ඒ, අනුව බැලූ බැල්මට ම මෙම පෙත්සම හරහා නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් වග උත්තර කරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළි ගනිමින් අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.

නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් මැයි මස 09 වන දා ගාලුමෝදර පැවැති ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුත්ත මඟ හරිමින් සිටින බවයි.

එබැවින් දේශබන්දු තෙන්නකෝන් අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කොට අත්අංඩගුවට ගෙන, ප්‍රකාශ සටහන් කර ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32