පකිස්ථානයේ ප්‍රධාන නගර 24කට පිරිසිදු ජලය නැහැ – නවතම වාර්තාවකින් හෙළි වෙයි

පාකිස්ථාන  ජනගහනයෙන් මිලියන 30කට ආසන්න පිරිසකට පිරිසිදු ජලය සඳහා ප්‍රවේශයක් නොමැති බව නවතම වාර්තාවකින් හෙළි කර තිබෙනවා.
 
ප්‍රධාන නගර 24ක ජීවත් වන පුද්ගලයින්ගෙන් සියයට 80කට පිරිසිදු ජලය නොමැති අතර කරච්චියේ පැල්පත්වාසීන් මිලියන 16කට ජලය නොමැති බවයි ඒෂියන් ලයිට් (Asian Lite) වෙබ් අඩවිය වාර්තා කළේ.

නිදහස ලැබීමෙන් පසු පාකිස්ථානය  ගැටලු රැසකට මුහුණ දුන් අතර  රටේ වඩාත්ම තීරණාත්මක ගැටලුව  බවට පත්ව ඇත්තේ ජල හිඟයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  එක් ඇස්තමේන්තුවකට අනුව, ජලය සංරක්ෂණය කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් 2025 වසර වන විට පාකිස්ථානය සම්පූර්ණයෙන්ම  නිසරු වනු ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

පාකිස්ථානයේ ජල ආරක්ෂණ ප්‍රශ්නය උග්‍ර කිරීමට කරුණු කිහිපයක් හේතු වී ඇති අතර පළමු හා ප්‍රධානතම කරුණ වන්නේ රටේ ජනගහන වර්ධනය වැඩිවීම නිසා ජලය සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමයි.

ඒෂියන් ලයිට් වෙබ් අඩවිය වාර්තා කරන්නේ පාකිස්ථානයේ ජනගහනය මිලියන 220 ඉක්මවීමත් සමඟ රටේ ජල ඉල්ලුම අක්කර අඩි මිලියන 274 දක්වා ඉහළ යනු ඇති බවයි.

එහෙත් ජල සැපයුම අක්කර අඩි මිලියන 191ක් ලෙස පැවතිය හැකි බව එම වාර්තාව පෙන්වා දෙනවා.

එසේම, රටේ බහුලව වගා කරන තිරිඟු, සහල්, කපු සහ උක් වැනි භෝග සඳහා  ජලය අධික  වශයෙන් අවශ්‍ය  වීම ද ගැටලුවක් බවට පත්ව තිබෙනවා.

පවතින ජලයෙන් සියයට 95ක් පමණ එහා වගාවන් සඳහා යොදා ගැණුනද මගේ දළ දේශීය දළ දේශීය නිෂ්පාදිතයට සැපයෙන්නේ සියයට 5කට වඩා අඩු දායකත්වයක්.

පාකිස්ථානයේ  ජල සැපයුම වර්ෂාව මත රඳා පවතින අතර දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ෂාපතන රටාවට එල්ල වී ඇති බලපෑම ජල අර්බුදය උග්‍ර කර තිබෙනවා.

මේ නිසා දැනටමත් සීමිත ජල මූලාශ්‍ර කළමනාකරණය කිරීම පාකිස්ථානයට වඩාත් අභියෝගාත්මක වන බවයි ඒෂියන් ලයිට් වෙබ් අඩවිය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15