බූරු මූණා මානසික වෛද්‍යවරයෙක් හමුවට

පොලිස් අත්අඩංගුවෙන් පළා යාම සහ ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් රවිඳු වර්ණ රංග හෙවත් බූරු මූණා කළුබෝවිල ශික්ෂණ රෝහලේ විශේෂඥ මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය 20 වනදා කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත සැකකරු ඉදිරිපත් කිරීමේදී තමන් මානසික රෝගයකට ප්‍රතිකාර ගන්නා බවට පැවසීමෙන් අනතුරුවයි ඔහු අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශ මත අද මානසික වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත්තේ.

විනාඩි 20ක පමණ ආසන්න කාලයක් සැකකරු පරීක්ෂා කළ වෛද්‍යවරයා ඔහු දැනට ලබා ගන්නා ඖෂධ ඒ ආකාරයෙන්ම ලබා ගන්නා ලෙස පවසා තිබෙනවා.

පසුගිය 17 වැනි දින සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව
හංවැල්ල ප්‍රදේශයේ දුරකථන කණුවක් යට සඟවා තිබූ C4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662ක ප්‍රමාණයක් සොයා ගැනුණා.

ඒ අනුව සැකකරු ත්‍රස්තවාදී සංවිධානයක් සමග සබඳතා පවත්වන්නේ ද යන්න සොයා බැලීම සඳහා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අවසර ලබාගෙන ඇත්තේ.

සැකකරු මේ වන විට නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිසියක විශේෂ සිර මැදිරියක රඳවා දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23