හොරණ – රත්නපුර මාර්ගයේ බස් රථයක් ගිනිගනී (ඡායාරූප)

හොරණ – රත්නපුර මාර්ගයේ බොරලුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිට දී අද (21) පෙරවරුවේ පෞද්ගලික බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

ගිනි ගැනීමෙන් බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කළේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එහි මගීන් 40 දෙනෙකු පමණ සිට ඇති අතර, ගින්න හට ගැනීමත් සමඟ ඔවුන් ඉන් පිටතට පැන දිවි බේරාගෙන තිබෙනවා.

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබුණා.

බස් රථය ගිනි ගැනීමත් සමඟ හොරණ – රත්නපුර මාර්ගයේ බොරුගොඩ ප්‍රදේශයෙන් වාහන ගමනාගමනයට තරමක බාධාවක් ද ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09