පළාත් පාලන මැතිවරණය කල් යයි – රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා තවමත් ප්‍රමුඛතාව ලැබී නොමැති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා අවම වශයෙන් රුපියල් මිලියන 300ක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව තවම මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

”රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රහස්‍යභාවය ආරක්ෂා කරමින් සෑම මොහොතකම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටිනවා, නමුත් මුද්‍රණ දෙපාර්තමේන්තුව සේවකයන්ගේ පඩි නඩි ගෙවාගෙන අමාරුවෙන් පත්වාගෙන යන අයතනයක්,මේ වන විටත් මිලියන 150ක වැඩ කරලා තිබෙනවා, නමුත් අපිට හම්බවෙලා තියෙන්නේ මිලියන හතළිහක් පමණයි, අපි කියනවා අඩුම අපිට මිලියන 300ක් වත් ලැබෙන්න ඕන කියලා, අපි මුද්‍රණය කටයුතු කරන්න බැහැ කියලා නැහැ, භාණ්ඩාගාරයෙන් මිලියන 300 වත් දෙන්න පුළුවන් නම් අපි අනිවාර්යයෙන් මුද්‍රණ කටයුතු සිදු කරනවා” යනුවෙන් ඔහු පැවසීය.

ඊයේ පැවති වර්ජනය සම්බන්දයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

තැපැල් සේවාව ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කරලා තිබුණා,එවැනි වාතාවරණයක් උඩ තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් පළමු පෙළ සහ දෙවන පෙළ තැපැල් කන්තෝරු 654 අතුරින්, ඊයේ දිනයේ දී විවෘත කර තිබුණේ තැපැල් කන්තෝරු 6 පමණයි, උප තැපැල් කාර්යාල 3409න් විවෘතව කර තිබුණේ 167 පමණයි.තැපැල් දෙපාර්තමේන්තුව සම්පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක්.එම ආයතනය පාඩු මත පවත්වාගෙන යන්නේ,නමුත් ඊයේ උද්ඝෝෂණය තුළින් තැපැල් දෙපාර්තමේන්තුවට අලාභයක් සිදුවුණා,මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවෙනවා නම්, රජය මගින් සිදුකරන ප්‍රතිසංස්කරණ වලට යන්න අපටත් සිදු වේවි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48