බූරු මූණාට විදෙස් ගමන් තහනමක්

කටුනායක ගුවන් ගුවන්තොටුපල පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පළාගිය මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියා කළ බූරු මූණා නැමැත්තාට හා තවත් සැකකරුවෙකුට එරෙහිව විදේශ ගමන් තහනමක් අවිස්සාවේල්ල අධිකරණයෙන් ලබාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

කලුමිනී රවිඳු සංඛ ද සිල්වා යන නිත්‍ය නමින් විදේශ ගත වීමට උත්සහ දරන බවට විමර්ශන සිදුකරන බස්නාහිර පළාත් දකුණු දිශාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරු අනුවයි වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම නියෝග ලබාගෙන ඇත්තේ.

පසුගිය වසරේ ඉකුත් දෙසැම්බර් 18 වැනි දින හංවැල්ල ප්‍රදේශයේ ආපනශාලාවක හිමිකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් බූරු මූණා නැමැත්තාට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරු කංකානම්ලාගේ රවිඳු වර්ණ රංග යන ව්‍යාජ නමකින් විදේශ ගතවීමට උත්සාහ දරන බවට ජනවාරි තුන් වෙනි දින අවිස්සාවේල්ල අධිකරණයට කරුණු වාර්තාකර ලබාගත් තහනම් නියෝගයක් අනුව ආගමන විගමන නිලධාරීන් විසින් සැකකරු පසුගිය පෙබරවාරි මස 24 වැනි දින ඩුබායි රාජ්‍යයට යාම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගුවන් තොටුපල පොලිසිය වෙත භාරදී තිබුණා.

එහිදීයි හිමිවරුන් දෙදෙනෙකු පැමිණ ඉතා සූක්ෂම ලෙස සැකකරු ඉන් බේරාගෙන ගොස් තිබුණේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරුට වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවිය රැගෙන ගිය බව කියන සැකකරු ලෙස විමර්ශනවලදී හඳුනාගත් බුලත්සිංහල සහ අතුරුගිරිය මුල්ලේගම පදිංචි වෙත්තසිංහගේ දොන් කසුන් ලක්ෂිත නම් තැනැත්තාට ද එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගත් බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23