“ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය” බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදුකළ “ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය” බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සම්මේලනය, එහි සභාපති ඇතුළු නිලධාරීන්, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඇතුළු හය දෙනෙකු විසින් පෙත්සම් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලිබල සමාගම සහ නීතිපතිවරයායි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 වසර සදහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය තුළින් අඩු ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

විශේෂයෙන්ම ඒකක 60 සිට 90 දක්වා විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් අඩු ආදායම්ලාභී ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් පෙත්සමෙන් කියා තිබෙනවා.

එබැවින් ගෘහස්ථ විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලබා දීම තුළින් මහජන උපයෝගිතා කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීත කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ලේඛන සහ එම ගාස්තු සංශෝධනයට අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම ගත් තීරණයට අදාළ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විභාගයක් පවත්වන ලෙසත් එහි සදහන්.

ඊට අමතරව ඒකක 30 සිට ඒකක 90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින් සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමේ තීරණය අත් හිටුවීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා “භාවිතා කරන විදුලි ඒකක සංඛ්‍යාව වැඩි වන විට ඊට සමාන්තරව ගාස්තු වැඩි වීමේ” ක්‍රමවේදයක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුනිල් වටගල කෝටි 45ක පමණ ලක්සිරි නිවසක් මිලදීගෙන ?..චෝදනා කරද්දි දෙපාරක් හිතලා කරන්න
03:16
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20