spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය” බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදුකළ “ගෘහස්ථ විදුලි ගාස්තු සංශෝධනය” බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

විදුලි බල හා පුනර්ජනනීය පාරිභෝගික සම්මේලනය, එහි සභාපති ඇතුළු නිලධාරීන්, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඇතුළු හය දෙනෙකු විසින් පෙත්සම් ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙන්නේ මහජන උපයෝගීතා කොමිසම, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලිබල සමාගම සහ නීතිපතිවරයායි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2023 වසර සදහා ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය තුළින් අඩු ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවයි.

විශේෂයෙන්ම ඒකක 60 සිට 90 දක්වා විදුලි ඒකක සංඛ්‍යාවක් පරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ ගාස්තු අසාධාරණ ලෙස ඉහළ දමා ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මේ තුළින් අඩු ආදායම්ලාභී ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින බවත් පෙත්සමෙන් කියා තිබෙනවා.

එබැවින් ගෘහස්ථ විදුලි ගාස්තු වැඩි කිරීමට අනුමැතිය ලබා දීම තුළින් මහජන උපයෝගිතා කොමිසම ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අදාළව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීත කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ලේඛන සහ එම ගාස්තු සංශෝධනයට අනුමැතිය දීමට මහජන උපයෝගීතා කොමිසම ගත් තීරණයට අදාළ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවා විභාගයක් පවත්වන ලෙසත් එහි සදහන්.

ඊට අමතරව ඒකක 30 සිට ඒකක 90 දක්වා පරිභෝජනය කරන පාරිභෝගිකයින් සඳහා අය කරන ගාස්තු වැඩි කිරීමේ තීරණය අත් හිටුවීමේ අතුරු නියෝග නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා “භාවිතා කරන විදුලි ඒකක සංඛ්‍යාව වැඩි වන විට ඊට සමාන්තරව ගාස්තු වැඩි වීමේ” ක්‍රමවේදයක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?