බදුල්ල ස්ප්‍රින්වැලි වත්තේ, නහවිල කොටසේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් දින 26ක තිස්සේ අතුරුදහන්ව ඇති බවට බදුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
රගුමන් විවේකානන්දන් නම් වූ මේ සිසුවා ස්ප්‍රින්වැලි බැද්දේගම මහා විද්‍යාලයේ 11 වන වසරේ අධ්‍යපනය ලැබුවා.
සිසුවාගේ පියා විසින් කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ සිය දරුවා පසුගිය මස 15 වැනිදා බැද්දේගම විහාරස්ථානයක පැවති උපකාරක පන්තියකට යන බව පවසා නිවසෙන් පිටව ගිය නමුත් නැවත නිවසට නොපැමිණිය බවයි.
මව්පියන් සැක කරන්නේ මෙය පැහැරගැනීමක් බවටයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3





