මෙහෙකාර සේවයට ඇවිත් දවස් තුනෙන් බැංකු නිලධාරිනියකගේ ගෙදර සුද්ද කළ කත අත්අඩංගුවට

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් එම නිවසින් ලක්ෂ 12ක පමණ රන් භාණ්ඩ සොරා ගත් කාන්තාවක් කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස සොරාගත් රන් භාණ්ඩ උකස්කර මුදල් ලබාගත් බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස සොරාගත් මුදු දෙකක්, කරාබු ජෝඩුවක්, පෙන්ඩනයක් සහ උණුකරන ලද වළලු පහක රත්තරන් පොලිසිය විසින් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඊට අමතරව හොරකම් කරන ලද රත්රන් උකස්කර ලබාගත් මුදල් වලින් මිලදී ගත් බව කියන අල්මාරියක් සහ රයිස් කුකරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බැංකු නිලධාරිනියගේ මිතුරියකගේ මාර්ගයෙන් බටකැත්තර ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව අදාළ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස මෙහෙකාර සේවයට පැමිණ දින තුනක් වැනි කාලයක් තුළ සැකකාරිය විසින් මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර මෙහෙකාරිය සේවයට පැමිණ මාසයකට පමණ පසු කිසියම් පුද්ගලයකු පහත මහලේ පිහිටි බැංකු නිලධාරිනියගේ සහෝදරිය නවාතැන් ගෙන සිටි කාමරයේ සිට පිටතට දිව ගිය බවට නිවස හිමි බැංකු නිලධාරිනියට මෙහෙකාරිය විසින් මුසාවක් පවසා නොමඟ යවා තිබෙනවා.

ඊට දින කිහිපයකට පසු නිවස හිමි බැංකු නිලධාරිනියගේ සහෝදරිය ඇයගේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඒවා නොමැති බවයි හෙළිව ඇත්තේ.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිදුකළ සොරකම සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.

සැකකාරිය විසින් සොරාගත් රන් භාණ්ඩ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා ලවා මහරගම, පිළියන්දල  ආදී ප්‍රදේශවලට ගොස් උකස්කර තිබූ බවයි වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕපනායක අසමාන කන්දේ උඩ කොටස නාය යෑමකට ලක්වෙයි..පවුල් 30ක පිරිසක් ඉවත් කරයි
03:37
Video thumbnail
ප්‍රසිද්ධියේම ජනපති අධිකරණයට දැඩි බලපෑමක් කළේ..වරප්‍රසාද අස්සේ හැංඟිලා කරපු දැඩි ප්‍රකාශයක්
04:03
Video thumbnail
පාස්පෝට් සිද්ධිය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අසූචි වපුරන අයට අසූජි හම්බෙනවා අනාගතේ
04:04
Video thumbnail
Praharaya | පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ආණ්ඩුව - විපක්ෂය එකතුවෙලා විපක්ෂ නායකට ගේමක් දෙන්නද යන්නේ ? ශම්මි සිල්වා සුහදශීලීව ධුරය අතහැරියා
04:36
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ කුපිත වී වටේටම හොඳම එකෙන් දෙසයි..මෙතන හොරු තුන් දෙනෙක් ඉන්නවා..හංඟගෙන හිටියේ
06:57
Video thumbnail
ජනාධිපති චො‍ර වුණා - ටිල්වින් සිල්වා පොර වුණා..12 වෙනිදා මුළු කොළඹම වටලනවා
05:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.05
07:52:06
Video thumbnail
අසල්වැසියාගේ කේලම නිසා පුංචි පුතු තනිකර මව සදහටම ජීවිතයෙන් සමුගත් ඛේදවාචකය
03:14
Video thumbnail
සජිත්ගේ මැයි රැළියේ වුණ හුටපටයකට ඇමති නැලින්ද පිළිතුරු දෙයි..සජිත්ව මට හදන්න බෑ
02:13