සහෝදරියගේ රන් පෙන්ඩනය කොල්ල කා පලාගිය සහෝදරයා පොලිස් අත්අඩංගුවට

නිවසක් තුළ දී සිය සහෝදරියගේ රන් පෙන්ඩනය කොල්ල කා පලාගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසනවා.

සැකකරු මීට දින කිහිපයකට පෙර කුලී පදනම මත ලබාගත් ත්‍රිරෝද රථයකින් සිය සහෝදරියගේ පිළියන්දල, කහපොල ප්‍රදේශයේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණ ඇයගෙන් රුපියල් 1000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

එහිදී තමන් සතුව මුදල් නොමැති බවට සහෝදරිය සඳහන් කිරීමත් සමඟ සැකකාර සහෝදරයා එක්වරම සහෝදරිය වෙත කඩා පැන ඇය පැළඳ සිටි රන් මාලය කොල්ල කෑමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී සහෝදරිය දැඩි පරිශ්‍රමයක් දරා රන්මාලය අල්ලාගෙන ඇති අතර, අතට හසුවූ පෙන්ඩනය පමණක් රැගෙන සැකකාර සහෝදරයා ත්‍රිරෝද රථයේ නැඟ පලාගොස් ඇති බව සඳහන්.

පසුව කොල්ලකෑම සම්බන්ධයෙන් සහෝදරිය පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර, ඒ අනුව සිදුකළ විමර්ශනවල දී සැකකරු පානදුර, හිරණ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ල කන ලද රන් පෙන්ඩනය මිතුරකු ලවා මොරටුව ප්‍රදේශයට උකස්කර රුපියල් 17,000ක මුදලක් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස ලබාගත් මුදල්වලින් හෙරොයින් පානය කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබෙනවා.

ඒ, අනුව රන් පෙන්ඩනය මොරටුව ප්‍රදේශයේ පිහිටි උකස් මධ්‍යස්ථානක තිබී පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනුණු 26 හැවිරිදි සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20