විදේශ රැකියා ජාවාරමකට ජාතික ජන බලවේගයේ අපේක්ෂකයෙකු අත්අඩංගුවට

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් ලාඕසයේ අතරමං කිරීමේ ජාවාරමට සැකපිට ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) සවස අත්අඩංගුවට ගත් මෙම සැකකරු තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනා එල්ල වී ඇති බවයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශය විසින් විමර්ශන කටයුතු සිදුකරමින් සිටි අතර දිගින් දිගටම ඔහු විමර්ශන අංශ මගහරිමින් සිටි බව සඳහන්.

ඔහු අද නීතීඥයෙකු මාර්ගයෙන් කාර්යාංශයේ විමර්ශන අංශය වෙත භාරවී තිබූ අතර ඉන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්තයේ සමාගමක රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත පුද්ගලයින් ලාඕසයට රැගෙන ගොස් අතරමං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබීමෙන් පසුවයි කාර්යාංශය විසින් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කරනු ලැබුවේ.

ඒ අනුව කාර්යාංශයේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මේ සමග ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයා අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක කළ අතර ඔහු දිගින් දිගටම විමර්ශන අංශ මගහරිමින් සිටි බව සඳහන්.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද අද (09) උදෑසන පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූවා.

ඉන් පසුවයි මෙම සැකකරු මෙසේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (10) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42