උපයන විට බදු ගෙවන්නන්ගේ යුතුකම් හා වගකීම් පහදන මුදල් රාජ්‍ය ඇමති

උපයන විට බදු ගෙවීම සිදුකරන ජනතාවට ද යම් යම් අපහසුතාවලට මුහුණ දීමට සිදුව තිබුණත් නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙන ගත් උගත් පිරිසක් ලෙස එම පිරිසට ද රටෙන් අඩක් පමණ වූ දුක්විඳින ජනතාව දෙස හා ඔවුනගේ ගැටළු දෙසත් අවධානය යොමු කිරීමේ යුතුකමක් මෙන්ම වගකීමක් ද පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට, කනන්ගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා,

“රට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දී ඉන් ගොඩ එමින් සිටින අවස්ථාවක්. එසේ අර්බුධයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් වූයේ අපි විසින්ම අපේ බදු අඩුකර ගැනීමයි. උපයන විට බද්දත් කලින් සිට පැවති බද්දක්. නමුත් පෙරකී බදු අඩු කිරීම හේතුවෙන් ලිපිගොනු ලක්ෂ 15ක් පමණ අවලංගු වුණා. මේ සිදුකරන්නේ නැවත එම බදු ඇති කිරීමයි. රටේ පවතින අමාරුකම් නිසා කලින් පැවති සීමාවන් තරමක් උඩට ගෙන තිබෙනවා.රටේ ශ්‍රමික ජනතාව ලක්ෂ 46ක් පමණ සිටිනවා. ඔවුන්ගෙන් 120000ක්, එනම් 2.6 %ක් තමයි රුපියල් ලක්ෂයට වැඩියෙන් වැටුප් ලබන්නේ. එයිනුත් 43 % ක් රුපියල් ලක්ෂයත් , ලක්ෂ එකහමාරත් අතර වැටුප් ලබන පිරිස, රුපියල් එක්ලක්ෂ පනස් දහසක වැටුපක් ලබාගන්නා අයෙක් මාසිකව ගෙවන බදු මුදල රුපියල් 3000 ක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32