බසයේ වැටී තිබූ මුදල් සහිත පසුම්බියක් කොන්දොස්තරගෙන් යළි හිමිකරුට (ඡායාරූප)

කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක වැටී තිබු රුපියල් 40000ක මුදලක් සහිත මුදල් පසුම්බියක් එහි හිමිකරුට ලබාදීමට එම පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) පස්වරු 3.30ට පමණ කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කල බස් රථයට හැටන් දක්වා පැමිණීමට මගීන් 13දෙනෙකු එකවර පැමිණි අතර එලෙස පැමිණි පිරිසගෙන් අයෙකු ආසන වෙන් කරදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බවයි කොන්දොස්තරවරයා කියාසිටියේ.

පැමිණි සියළු දෙනාට ආසන වෙන් කිරීමට නොහැකි වීම හේතුවෙන් ආසන වෙන් කරදෙන ලෙසට තමන්ගෙන් ඉල්ලීමක් කළ මගියාට බස් රථයේ එන්ජිම මත වාඩිවී පැමිණෙන ලෙස පැවසූ බව ද කොන්දොස්තරවරයා සඳහන් කළා.

එලෙස පැමිණි තරුණයා වටවල නගරයෙන් බැසගොස් මද වේලාවකට පසු ඇමතුමක් ලබා දී මුදල් පසුම්බිය බසයේ වැටී ඇත්ද යන්න සොයා බලන ලෙස කළ ඉල්ලීමක් මත බස් රථයේ එන්ජිම මත තිබු ගමන් මළු ඉවත් කර පරීක්ෂා කිරීමේදී මුදල් පසුම්බිය හමු වී තිබෙනවා.

අස්ථානගත වී තිබූ මුදල් පසුම්බිය නැවත ලබාදීම සම්බන්ධයෙන් එම තරුණයා කියාසිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවාඩු ලබා නිවසට පැමිණෙන අතරතුර තම මුදල් පසුම්බිය අස්ථානගත වූ බවයි.

එම මුදල් පසුම්බිය තුල රුපියල් 40000 මුදලක්, ජාතික හැදුනුම්පත, බැංකු කාඩ්පත තිබූ අතර එය නැවත තමන්ට ලබාදුන් කොන්දොස්තරවරයාට ස්තුතිය පුද කරන බව ද ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00