මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දෙදින විවාදයක් ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂනායකවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අනුව මෙම විවාදය සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇති.

පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට අද (01) පස්වරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

මේ අනුව පාර්ලිමේන්තුව ලබන 7 වැනිදා ‍පෙරවරු 9.30ට රැස්වන අතර පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වෙන් කර ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 4 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2287/28, 2301/17 සහ 2306/02 දරන ගැසට් පත්‍රවල පළකර ඇති නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිත බවයි මහලේකම්වරයා කියාසිටියේ.

අනතුරුව පස්වරු 4 සිට 5.30 දක්වා, ආණ්ඩුව විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත් වෙනවා.

මාර්තු 8 වැනිදා පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහායි වෙන්කර ඇත්තේ.

අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද අංක 2321/07 දරන ගැසට් පත්‍රයේ සදහන් නියමය විවාද කිරීමකින් තොරව අනුමත කරගැනීමට නියමිතයි.

ඉන්පසු පෙරවරු 10.30 සිට පස්වරු 50 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2290/24 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය, ආනයන හා අපනයන පාලන පනත යටතේ 2315/46, 2309/40, 2311/08, 2311/18, 2312/77 සහ 2312/78 යන අංක දරන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසි සහ කොළඹ වරාය නගරය කොමිෂන් සභාව පනත යටතේ අංක 2306/54 දරන ගැසට් පත්‍රයේ පළකළ නියෝග විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

අනතුරුව රජයේ විවිධ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව ඉදිරිපත්කර තිබූ යෝජනා 24 ක් අනුමතිය සදහා ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණය වී ඇතැයි සඳහන්.

තවද පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන ඉන්දිරා පිළිකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවනවර කියවීමටද මෙහිදී එකඟත්වය පළවී තිබෙනවා.

ඉන්පසු පස්වරු 5 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.

‍මාර්තු 9 සහ 10 දෙදින ‘සර්ව ජන ඡන්ද බලය’ පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බවයි මහලේකම්වරයා කියාසිටියේ.

එම දෙදින ‍පෙරවරු 9.30 – පෙරවරු 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ දින දෙකක් විරෝධතාවල ද නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14