බස් හා ට්‍රැක්ටර් රථයක් ගැටී පස් දෙනෙකුට තුවාල (ඡායාරූප)

මොණරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ දොඹගහවෙල කොඩයාන ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් උක්දඬු ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක ගැටී පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ(28) සිදුවූ මෙම අනතුරෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන්නේ බස් රථයේ ගිය සිව් දෙනෙකු සහ ට්‍රැක්ටර් රථයේ රියදුරායි.

වංගු සහිත ස්ථානයක ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවීම අනතුරට මුල් වී ඇති බව පොලිසිය කල විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

අනතුරින් පසුව බස් රථය මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් තිබුණා.

WhatsApp Image 2023 03 01 at 09.02.40
WhatsApp Image 2023 03 01 at 09.02.39 1
WhatsApp Image 2023 03 01 at 09.02.39
WhatsApp Image 2023 03 01 at 09.02.38 1
WhatsApp Image 2023 03 01 at 09.02.38
WhatsApp Image 2023 03 01 at 09.02.35 1
WhatsApp Image 2023 03 01 at 09.02.35