මූල්‍ය ආයතන, නිවාස සහ උසස් අධ්‍යාපන ආයතනවලින් සොරාගත් රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපොළ සමග හිටපු සංචාරක මග මගපෙන්වන්නකු දෙමටගොඩ ගුවන් පාලම අසලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන් තිබෙනවා.
එම සැකකරු සොරාගත් ලැප්ටොප් පරිගණක පහක්, ඩ්‍රොන කැමරාවක් ,ටැබ් යන්ත්‍ර දෙකක් ,ජංගම දුරකථන අටක්, කැමරා , ආදී උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.
මිරිහාන,කොහුවල,මහරගම,තලංගම,වැලිකඩ,කඩුවෙල,වැල්ලවත්ත,කොල්ලුපිටිය හා කඳාන යන පොලිස් වසම් වල පිහිටි ය ආයතන හා නිවාස වලින් මෙම සොරකම් සිදුකර ඇති බව පොලිසිය පැවසුවා.
වයස අවුරුදු 44 ක් වන සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
