2023 FIFA සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ රාත්‍රියේ පැවැත් වුණා.
ලොව පුරා සිටින සුපිරි පාපන්දු තරු රැසක් සහභාගී වී සිටි මෙවර සම්මාන රාත්‍රියේ දී හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසීට හැකියාව ලැබුණා.
වසරේ හොඳම පාපන්දු ක්‍රීඩිකාවවට හිමි සම්මානය හිමිකර ගත්තේ ස්පාඤ්ඤ ක්‍රීඩිකා ඇලෙක්සියා පුටෙලස් විසින්.
මේ අතර, වත්මන් පාපන්දු ලෝක ශූරයින් වන ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලයනල් ස්කලෝනි වසරේ FIFA පුහුණුකරු ලෙස තේරීපත් වුණා.
වසරේ FIFA පුහුණුකාරිනිය බවට මෙවර සම්මානයට පාත්‍ර වුණේ කාන්තා යුරෝපීය ශූරතාවලියේ දී එංගලන්තයට ශූරතාව දිනාගැනීමට දායකත්වය ලබාදුන් සරීනා විග්මන් වීම විශේෂත්වයක්.
කාන්තා ගෝල රකින්නිය සම්මානය යුරෝ ජයග්‍රාහී එංගලන්ත පිළේ මේරි ඉර්ප්ස් හට හිමි වූ අතර, හොඳම පිරිමි ගෝල රකින්නා ලෙස ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා වන එමිලිනෝ මාර්ටිනෙස් සම්මානයට පාත්‍ර වුණා.












