දියණියගේ දිවි රැකගන්න වල් ඌරෙකු සමඟ සටන් කළ මව ජීවිතය හැරයයි

සිය 11 හැවිරිදි දියණිය බේරාගැනීම සඳහා වල් ඌරෙකු සමඟ සටන් කළ මවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයේ කෝර්බා ප්‍රදේශයේ දී ඊයේ (26) මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති අතර, මිය ගිය කාන්තාව 45 හැවිරිදි වියේ පසුවූ තැනැත්තියක්.

දුවාෂියා බායි නමැති මෙම කාන්තාව සහ ඇගේ දියණිය පස් රැගෙන ඒම සඳහා අසල පිහිටි ගොවිපළකට ගිය අවස්ථාවේ දී දැරියට වල් ඌරෙකු පහරදීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී ඇයගේ මව සත්ත්වයා සමඟ පොරබදා දැරියගේ ජීවිතය රැක ගැනීමට කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එහිදී අදාළ කාන්තාව වල් ඌරා සමඟ කළ සටනින් පසු බරපතළ තුවාල ලබා මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව දැනුම් දීමෙන් පසු වනජීවී නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, පසුව කාන්තාවගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමති තනිකර බොරු කරන්නේ - ඇප දෙන්න පුළුවන් අයට ඇප දෙන්න
12:13
Video thumbnail
නැවකින් මුහුදට වැටුණ බහාලුමක් කයිකාවල වෙරළට ගොඩ ගසයි - මෙන්න සමීප දර්ශන
01:13
Video thumbnail
ආණ්ඩුව මේකේ වගකීම බාරගන්න? ඇමති වහාම ඉල්ලා අස්විය යුතුයි - බන්ධනාගාරයවත් පාලනය කරගන්න බෑ
04:50
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට
00:16
Video thumbnail
මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිටතට - "අපි විශේෂ සිරකරුවෝ..බොරුවට නුවරට අරන් යන්නේ"
00:39
Video thumbnail
නාමල් හදිසියේම මහර බන්ධනාගාර සිද්ධිය ගැන හෙළිකරපු දේ - නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ ජීවිත අනතුරේ
01:55
Video thumbnail
"වැසිකිලි යන්න වතුර නැති නිසා නොකා ඉන්න රැඳවියෝ"
00:55
Video thumbnail
මහරට ආ තවත් හමුදා නිලධාරින් පිටව යන අයුරු - කට්ටිය පෝළිමට යන හැටි
03:19
Video thumbnail
අධිකරණ ඇමති ගාන හොයන්න බැරිව සමාජ මාධ්‍ය බලනවා ඇති - විමල්ගෙන් සැර කතාවක්
04:32
Video thumbnail
මහර සිදුවීම ගැන අජිත්ගෙන් ආණ්ඩුවට චෝදනා - ආණ්ඩුවේ අසාර්ථකත්වය ඊයේ මහර පෙන්නුවේ
08:30