කුරුළු උණ ආසාදනයෙන් දැරියක් මරුට

කාම්බෝජයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා.

වසර නවයකට පසු කාම්බෝජයේ වාර්තා වූ පළමු කුරුළු උණ මරණය මෙය ලෙසටයි සැලකෙන්නේ.

ප්‍රේ වෙන්ග් පළාතේ දැරියක ට මෙලෙස H5N1 වෛරසය වැළඳී ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඇය මීට සතියකට පමණ පෙර දැඩි උණ, කැස්ස සහ උගුරේ අමාරුවකින් පීඩා විඳි බව සඳහන්.

කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඇගේ පියා ද කුරුළු උණ අසාදිත බව පරික්ෂා කෙරෙන පරීක්ෂණයකින් ධනාත්මක බව පෙන්වා ඇති බවයි.

එමෙන්ම දැරියගේ තවත් සමීපතමයින් 11 දෙනෙකු ද පරීක්‍ෂා කර තිබෙනවා.

කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍ය Mam Bunheng කියා සිටියේ 2014 වසරෙන් පසු කාම්බෝජයෙන් වාර්තා වූ H5N1 පළමු මිනිස් ආසාදිතයා මෙම දැරිය බවයි.

දැරිය ඇයගේ ගම් ප්‍රදේශයේ සිට නොම් පෙන් අගනුවර ළමා රෝහල වෙත ගෙන ගොස් තිබුණ ද නමුත් රෝග විනිශ්චය කිරීමෙන් කිහිප දිනකට පසු ඇය මිය ගොස් තිබෙනවා.

දැරියගේ ගම අසලින් මියගිය කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල ද නිලධාරීන් විසින් ලබාගෙන ඇති අතර මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසටයි සෞඛ්‍ය නිලධාරීන් ද අනතුරු අඟවා ඇත්තේ.

කාම්බෝජය අවසන් වරට කුරුළු උණ අසදිතයෙක් වාර්තා වී ඇත්තේ 2014 වසරේදී වන අතර ඊට පෙර දශකය තුළ H5N1 ආසාදිතයන් 56ක් වාර්තා වූ අතර ඉන් 37 දෙනෙකු මරණයට පත් වුණා.

මිනිසුන්ට කුරුළු උණ ඇතිවීම දුර්ලභ වන අතර ආසාදිත කුකුළු මස් හෝ කුකුළන් සමඟ කටයුතු කරන පුද්ගලයින්ට ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති බවටයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2021 වසරේ සිට චීනය, ඉන්දියාව, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු රටවලින් කුරුළු උණ ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා කර තිබෙනවා.

සත්ව සෞඛ්‍යය සඳහා වූ ලෝක සංවිධානය මේ මස මුලදී විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ගෘහස්ථ හා වනගත පක්ෂීන්ගෙන් මිලියන 42කට ආසන්න සංඛ්‍යාවකට කුරුළු උණ ඇති බවට වාර්තා වී ඇති බවයි.

කුකුළන් ඇතුළු ගෘහස්ථ පක්ෂීන් මිලියන 15 කට ආසන්න ප්‍රමාණයක් මෙම රෝගයෙන් මිය ගොස් ඇති අතර තවත් මිලියන 193 කට වඩා වැඩි ප්‍රමාණයක් මරා දමා තිබෙනවා.

මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ වෛරස් ප්‍රභේදය මින්ක්ස් සහ ඔටර් වැනි ක්ෂීරපායීන්ට ද ආසාදනය වී තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මිට සති කිහිපයකට පෙර සඳහන් කළේ වෛරසය සම්බන්ධයෙන් ඉතා අවදානයෙන් යුතුව නිරීක්ෂණය කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04