ප්‍රධාන ආයතනයක් තම සේවකයන්ට TikTok තහනම් කරයි

යුරෝපීය කොමිෂන් සභාවේ සේවය කරන කාර්ය මණ්ඩලයට TikTok යෙදවුම (App) ඔවුන්ගේ දුරකථන සහ ආයතනික උපාංගවලින් ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

එම කොමිසම පැවසුවේ දත්ත ආරක්ෂා කිරීම සහ සයිබර් ආරක්ෂණ වැඩි කිරීම සඳහා මෙම පියවර ක්‍රියාත්මක කරන බවයි.

ByteDance නම් චීන සමාගමකට අයත් TikTok, පරිශීලකයින්ගේ දත්ත ලබාගෙන ඒවා චීන රජයට ලබාදෙන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

කෙසේවෙතත් TikTok සමාගම අවධාරණය කරන්නේ එය අනෙකුත් සමාජ මාධ්‍ය කටයුතු කරන ආකාරයෙන් මිස ඊට වෙනස් ආකාරයකින් ක්‍රියාත්මක නොවන බවයි.

යුරෝපා සංගමයේ විධායක අංශය වන යුරෝපා සංගමයේ ආයතනික කළමනාකරණ මණ්ඩලය විසින් ආරක්ෂක හේතූන් මත මෙම තීරණය ගෙන ඇති බවයි යුරෝපා සංගම් ප්‍රකාශක සෝනියා ගොෂ්වා මහතා සඳහන් කළා.

මෙම තහනම යනුවෙන් අදහස් කර ඇත්තේ යුරෝපා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ රාජකාරී කටයුතු සිදු කරනු ලබන පෞද්ගලික උපාංගවල ද TikTok භාවිතා කළ නොහැකි බවයි.

යුරෝපා කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ ස්ථිර හා කොන්ත්‍රාත් සේවකයින් 32,000ක් පමණ සිටින බව සඳහන්.

ඔවුන් සියලු දෙනා මාර්තු 15 වනදාට පෙර හැකි ඉක්මනින් තම දුරකථන ඇතුළු උපාංගවලින් ඔවුන් TikTok යෙදවුම ඉවත් කළ යුතුයි.

මේ අතර යුරෝපා කොමිෂන් සභාවේ මෙම තීරණය තම සමාගමේ සේවාවන් පිළිබඳ වැරදි අදහස් මත පදනම්ව ගනු ලැබූ තීරණයක් බව යි TikTok ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම මෙම තීරණය ගැන කලකිරීමට පත්වන බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.

ජාතික ආරක්ෂක කටයුතු හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපද රජය ද පසුගිය වසරේදී ටික්ටොක් තහනම් කරනු ලැබුවා.

එක්සත් ජනපදයට බිය පළ කර තිබුණේ චීන රජයට TikTok හරහා තම උපාංගවලට සහ එක්සත් ජනපද පරිශීලක දත්ත වෙත ප්‍රවේශ විය හැකි බවටයි.

පසුගිය මාසයේ නෙදර්ලන්ත රජය ද මේ හා සමාන කරුණු දක්වමින් පිළිබඳ TikTok යෙදවුමෙන් ඉවත් වීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබුණා.

TikTok භාවිතය වේගයෙන් වර්ධනය වී ඇති අතර දත්තවලට අනුව ලොව පුරා බාගත කිරීම් (download) බිලියන තුනක් ඉක්ම වූ (meta) නොවන යෙදවුම එය ලෙසටයි සැලකෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43