AFC Banner
Empty Ad
Empty Ad

කෝප් මුල් පුටුව රංජිත්ට – මයන්ත තනතුර ගන්න බෑ කියයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සහාපති තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය රංජිත් බණ්ඩාර පත්කර තිබෙනවා.

ඔහු මීට පෙර ද 2022 වසරේදී ද කෝප් කමිටුවේ සභාපති ධුරයේ කටයුතු කරනු ලැබුවා.

මේ අතර රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, අද (23) රැස්වූ තේරීම් කාරක සභාවේ දියි.

කෙසේ වෙතත් ඔහු එම තනතුර භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?