ඡන්දයට බාධා කරණ නිලධාරීන්ට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද ?-පැෆරල් සංවිධානය

පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සහයෝගය ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග කුමක්දැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසනවා.

එහි සභාපති වරයා ප්‍රමුඛ සාමාජිකයින්ට ඊයේ (22) ලිපියක් යොමු කරන පැෆරල් සංවිධානයේ විධායක අධක්‍ෂවරයා,පළාත් පාලන ඡන්ද විමසීමට සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර දක්වා එය පැවැත්වීමට බාධාවන අයුරින් කටයුතු කරන බව පවසනවා.

පැෆරල් සංවිධානය යොමුකළ ලිපිය පහතින් වේ.

2023.02.22 LG/EC/2023/007
නිමල් පුංචිහේවා මහතා – සභාපති,
එස්.බී. දිවාරත්න මහතා – සාමාජික,
එම්.එම්. මොහොමඩ් මහතා – සාමාජික,
කේ.පී.පී. පතිරණ මහතා – සාමාජික,
මැතිවරණ කොමිෂන් සභාව,
රාජගිරිය.

ගරු සභාපතිතුමනි / සාමාජික මහත්වරුනි,

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම නියමිත පරිදි පැවැත්වීමට සහයෝගය ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග.

2023.03.09 වන දින පැවැත්වීමට සැලසුම් කොට ඇති පළාත් පාලන ඡන්ද විමසීම් කටයුතු මැතිවරණ කොමිෂන් සභාව මගින් නියමිත පරිදි පවත්වාගෙන යමින් සිටින අතරතුර එකී ව්‍යවස්ථාපිත කටයුත්ත සඳහා සහයෝගය ලබාදිය යුතු රාජ්‍ය නිලධාරීන් විවිධ හේතු ගෙන හැර පාමින් ඡන්ද විමසීමට බාධාවන අයුරින් කටයුතු කරන බවත් දිගින් දිගටම දක්නට ලැබිණි.

ඡන්ද විමසීමක් පවත්වනු ලබන අවස්ථාවක එම කටයුත්ත සාර්ථකව නිම කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය, පොලීසිය, රජයේ මුද්‍රණාලය, ඛනිජ තෙල් සංස්ථාව, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඇතුලු සියලු රාජ්‍ය ආයතන වල හා නිලධාරීන්ගේ සහයෝගය එකී ක්‍රියාවලියට අත්‍යවශ්‍ය සාධකයකි. නමුත් අවාසනාවකට මෙන් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දින නියම කර, එම කටයුත්ත ඉදිරියට යද්දී ඉහත පාර්ශවයන් සහයෝගය ලබානොදීම හේතුවෙන් මැතිවරණ ක්‍රියාවලියට බරපතල බාධා එල්ල වූ බවත් අපහට නිරීක්ෂණය විය.

මෙම තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් සම්බන්ධයෙන් බලන කළ අතිශයින් හානිකර තත්ත්වයක් වන අතර ඉදිරියේදී පවත්වනු ලබන මැතිවරණ වලදී නරක පූර්වාදර්ශයක් වීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති මැතිවරණ කොමිෂන් සභාවේ බලතල කාර්යය හා කර්තව්‍යයට සහයෝගය ලබා නොදුන් නිලධාරීන් සම්බන්ධව දැනට ගෙන ඇති පියවර කවරේද යන්නත් එලෙස පියවරක් ගෙන නොමැත්තේ නම් ඉදිරියේදී ගනු ලැබීමට අපේක්ෂිත පියවර කවරේද යන්නත් පිළිබඳවත් අපව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ නම් අතිශයින් කෘතඥවන්ත වෙමි.

ස්තූතියි!
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24
Video thumbnail
විපක්ෂයට දැන් සයිබර් ප්‍රහාරයක් ඇවිත්..නාන්නේ නැති නායකයෙක් හොයාගන්න වෙලා l Eranga Gunasekara
02:03